පොලිස් වෙඩිපහරින් මැරුණු ආවා සාමාජිකයා තීන්ත බාස් කෙනෙක්

Picture of අසංක

අසංක

මානිප්පායි ප්‍රදේශයේ දී ඊයේ පොලීසියට පහරදීමට ගොස් පොලිස් වෙඩිපහරින් මියගොස් ඇත්තේ ආවා කල්ලි සාමාජිකකු වන තීන්ත ආලේපකරුවකු ලෙස සේවය කරන්නෙක් බව හෙළිවී තිබේ.

ඔහු සමග යතුරු පැදියේ පැමිණි අනෙක් සැකකරු 18 හැවිරිදි අයෙක් බවට සිද්ධිය වූ ස්ථානයේ වැටී තිබූ පසුම්බියකින් අනාවරණය වී ඇත.

තවත් 4දෙනෙකු පලාගොස් ඇති අතර ඔවුන් ගෙනා කඩුකිනිසි ආදිය පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් අධික ලෙස බීමත්ව සිට ඇති අතර ඔවුන් පැමිණ ඇත්තේ නිවාස කිහිපයක් පහරදී කුඩු කිරීමට බව අනාවරණය වී ඇත.

පලාගියවුන් සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.