සාකච්ඡා කළේ නිලුපුලි සඳකැලුම්
මෑත කාලින රංගන ක්ෂේත්‍රයට එකතු වුණු හැඩකාර තරුණයෙක් ගැන මේ දිනවල වැඩිපුර කතා කරන්න පටන් අරන් තියෙනවා. මේ දිනවල විකාශනය වන අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන ‘දෙවැනි ඉනිම’ හරහායි ඔහු රංගනයට පිවිසෙන්නේ. මේ අපි ඔහු සමඟ ගෙනා සංවාදයයි.
සම්පුර්ණ නම
දිනෙත් නවෝද්‍ය ඈපාලියන
උස කියද?
6 ‘3’
අධ්‍යාපනය හැදෑරුවේ?
ගාල්ල මහින්ද විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලයේ.
ලංකාවට ඇවිත් කොච්චර කාලයක් වෙනවද?
මම ලංකාවට අවේ 2016 අන්තිම වගේ. අවුරුදු 2 ක් වෙනවා.
ඇයි ලංකාව අත හැර යන්න තීරණය කළේ ?
මම ලංකාව දාල ගියේ නැහැ. මම උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙනුයි එංගලන්තෙට ගියේ. මම ලංකාවෙන් ගියේ 2010 දී. මට ලොකු ආසාවක් තිබුණා චිත්‍රපට නිෂ්පාදනය ගැන ඉගෙන ගන්න. මට හිතුණා කවදාහරි මම මේ ගැන ඉගෙන ගෙන හරි විදියට මම කරනවා කියලා. මම දන්නේ නැහැ මට ඇයි එහෙම හිතුනේ කියලා. චිත්‍රපට නිෂ්පාදනය වෙන්නේ කොහොමද, අලුත් දෙයක් ප්‍රේක්ෂකයිනට දෙන්නේ කොහොමද ,මට තිබුණා වෙනමම රසයක්. මට ඕන වුණා අලුත් දේවල් සොයා ගෙන යන්න. ඒ උවමනාව මත මම ඒ ගැන ඉගෙන ගන්න එංගලන්තෙට ගියේ. මම අවුරුදු 6ක් ඒ ගැන ඉගෙන ගත්තා. අවසානයේදී මාස්ටර්ස් දක්වා මම ඒ ගැන ඉගෙන ගත්තා.
මේ තරම් දුර ඉගෙන ගෙන , ඒ ඉගෙන ගත්ත දේ තුළින් එංගලන්තේදී හොඳ රැකියාවක් කරන්න අවස්ථාවක් තිබුණේ නැද්ද ?
මට රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ලැබුණා. මට ඕනෑකම තිබුනේ. ලංකාවට එන්න. ලංකාවට ඇවිල්ල මොනවහරි දෙයක් කරන්න. ගොඩක් අය කිව්වා එපා කියලා. තේරුමක් නැහැ ලංකාවට යන එක . ඒත් මගේ විශ්වාසයක් තිබුණා , තාමත් තියෙනවා මොනවහරි දෙයක් කරන්න පුළුවන් කියලා ලංකාවේ ඇතුළේ.
එංගලන්තයේ සිටින කාලය තුළ නිර්මාණයන් සදහා දායක වෙන්න අවස්ථාව ලැබුණද?
ඔව්. Hollywood singers ලත් එක්ක වැඩ කරන්න අවස්ථාව ලැබුණා. එතැනදී මම කැමරාව පිටිපස්සේ ඉදන් තමයි වැඩ කළේ. කැමරාව ඉදිරියේ වැඩ කරන්න ලැබුණේ නැහැ.
කැමරාව ඉදිරියට ගිහින් වැඩ කරන්න ගියේ නැත්තේ ඇයි?
මම ඒ දේට උත්සහා කළේ නැහැ. මට හිතුනේ නැහැ ඒ කාලේදී කැමරාව ඉදිරියට යන්න ඕන කියල.. තව කාලයක් ඉදලා කැමරාව ඉදිරියට ගියා නම් හොදයි කියන තැන මම හිටියේ. ඒ නිසා එහෙම කරන්න මට අවශ්‍යතාවයක් තිබුනේ නැහැ. මම ඉගෙන ගත්තේ ‘ production’ ගැන. ඒ දෙක පටලවා ගන්නේ නැතුව ඉදිරියට යන්නයි මට ඕන වුනේ.
ඔබ ඉගෙනගත්ත දේ තුළින් දැනට මොනවද කර තිබෙන්නේ?
ලංකාවේ ඇවිත් මම production’ පැත්තෙන් වැඩ කිහිපයක් කළා. දැනට මම චිත්‍රපටයක් කරලා තියෙනවා විනාඩි 40 ක.අධ්‍යක්ෂණය, නිෂ්පාදනය වගේම තිර පිටපත් රචනයත් යන සියල්ලම මම සිදු කළේ.
රංගනය කියන දේට පාසල් කාලයේදී ලැබුණු අත්දැකීම මොනවගේද?
පොඩි කාලේ මම වේදකා නාට්‍යකට සම්බන්ධ වුණා. ඒ මහින්ද විද්‍යාලයේදී. ..සුරාජිකා සෙනවිරත්න මිස් තාම මාව ඒ සදහාතෝරා ගත්තේ. ඒ වේදිකා නාට්‍ය ඉංග්‍රීසි වේදිකා නාට්‍යක්. ඒ නාට්‍ය යේ රංගනයෙන් දායක වෙන කාලය තුළදීම අපිට අවස්ථාව ලැබෙනවා වේදිකා නාට්‍ය පැත්තෙන් තරගාවලියකට සහභාගී වෙන්න.ඒ රුහුණු විශ්විද්‍යාලයපැවති තරගාවලියකට. රුහුණු විශ්ව විද්‍යාලයේදී අපි පුළුවන් විදියට අපි අපේ රංගනය ඉදිරිපත් කළා…අපි දිනුවේ නැහැ දුකින් අපි එලියට අවා. ඒ එනවත් එකක්ම අපිට දැන ගන්න ලැබුණා වේදිකා නාට්‍යට සම්මානයක් තියෙනවා කියලා. ඇත්තටම ඒ සම්මානය තිබුණේ මට. හොදම නළුවා සම්මනය මට ලැබුණේ අපි රංගනයෙන් දායක වුණු වේදිකා නාට්‍යට. පුදුම සතුටක් දැනුණා ඒ මොහොතේදී. ඊට පස්සේ කොළඹ රාජකීය විද්‍යාලයේ ට මම එනවා උසස් පෙළ සදහා. ඒ තැනදීත් මට රත්නා ලාලනී ජයකොඩි මහත්මිය යටතේ ගුරුහරුකම් ලබන්න අවස්ථාව ලබුණා.
මේ ලැබුණු අවස්ථාව ගැන දිනේත්ට කියන්න දේවල් ගොඩක් ඇති නේද?
මම හිතනවා මම හොදම කාලේදී රංගනයට පිවිසුණා කියලා.මේ මොහොතේදී මට මේ තැනට එන්න උදවු කළ බොහෝ දෙනෙක් ඉන්නවා. මගේ මුල් බීජය වුනේ සුරාජික සෙනවිරත්න මහත්මිය. ඇය ගෙන් තමයි මම රංගනය පටන් ගත්තේ. ඊට පස්සේ රාජකීය විද්‍යාලයේ නාට්‍ය ගුරුවරියක් වුණු රත්නා ලාලනී ගුරුතුමිය, ඊට අමතරව මගේ දෙමාපියෝ, නැන්දා. මට ආස දේවල් කරන්න, ඒ දේවල් ඉගෙන ගන්න මට අවස්ථාව ලබලා දුන්නේ ඔවුන්.විශේෂයෙන් සාරංග මෙන්ඩිස් මහත්මයා නිසා ඒ වගේම දෙරණ ආයතනය , දෙවැනි ඉනිමේ කණ්ඩායම .මේ සියල්ලන් නිසා තමයි අද දිනෙත් කියලා කෙනෙක් හැමෝම දන්නේ. මගේ රංගනය ගැන කතා කරන්නේ. මේ සියලු දෙනාට ගොඩක් ස්තුති කරන්න මම අවස්ථාවක් කර ගන්නවා.
