ගෝඨාභය පැමිණෙයි..!

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

සිංගප්පුරුවේ සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (23) රාත්‍රියේ මෙරටට පැමිණීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ගයන්ගෙන් The Colombo Express වෙත දැන ගැනීමට ලැබී ඇත.
ප්‍රතිකාර සදහා සිංගප්පුරුව බලා ගිය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මාස දෙකක පමණ කාලයක් එරට රැදී සිටියේය.
මේ අතර කාලය තුළ ශ්‍රි ලංකාවේ ආගමික නායකයන්, දේශපාලඥයන්, ව්‍යාපාරයකයන්, සමාජ ක්‍රියාකාරීන් සහ විද්වතුන් ඇතුළු බොහෝ පිරිසක් ගෝඨාභය රාජපක්ෂ මහතා බැහැ දැකීමට සිංගප්පුරුව බලා ගියහ.
විවේක සුවයෙන් සිටීමට සිදුවීම හේතුවෙන් පසුගිය කාලය තුළ ජංගම දුරකථනය භාවිතා කිරීමෙන් පවා වැළකී සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ව බැලීමට පැමිණීමට අවශ්‍ය නොවන බවද දන්වා තිබිණි.
කෙසේ වෙතත් සිංගප්පුරුවේ විදේශ අමාත්‍යවරයා ඇතුළු එරට දේශපාලඥයන්ද මේ අතර කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ මහතා බැහැ දැකීමට පැමිණ තිබිණි.
කුමන අභියෝගයක් පැමිණියත් ශ්‍රි ලාංකික ජනතාවගේ ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට තමා කිසි විටකෙත් මැලි නොවන බව ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පුරුවේ සිට මාධ්‍ය අමතා ප්‍රකාශ කර සිටියේය.