සජිත්‌ගේ ජනතා ආකර්ෂණය ‌පෙන්නන්න නව සන්ධානය එන දවසේ මහා ජනරැළියක්

Picture of අසංක

අසංක

එජාපයේ නව සන්ධානය එළිදැක්වීමට නියමිතව ඇති ලබන 05 දින සජිත් ප්‍රේමදාස මහතාට සහය පළකරමින්, විශාල ජන රැළියක් හා පෙළපාලියක් කොළඹදී පැවැත්වීමට එජාපයේ සජිත් හිතවාදී කණ්ඩායම් සැලසුම් කර ඇත.

සජිත් ප්‍රේමදාස මහතාට ඇති ජනතා බලය සහ ආකර්ෂණය පෙන්නුම් කිරීම මෙම පෙළපාලියේ අරමුණ වී ඇත.

එජාපයේ මූලිකත්වයෙන් බිහිවන නව සන්ධානය ලබන අගෝස්තු 05 වැනිදා” ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ” නමින එලි දැක්වීමට නියමිතය.

කෙසේ වෙතත් මේ සඳහා එජාපයේ ඇතැම් දෙවැනි පෙළ නායකයන්ගේ විරෝධය එල්ල වී ඇති අතර ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ පළමුව ජනාධිපති අපේක්ෂකයා නම් කොට පසුව ඔහුට අවශ්‍ය පරිදි සෙසු පක්ෂ සමග සන්ධානගත විය යුතු බවයි.