ත්‍රීකුණාමලයේ ගැටුම් ඇතිකරන්නේ TNA මන්ත්‍රීවරු

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‍‍ත්‍රිකුණාමලය – ලක්මාල් කේ. බදුගේ

ත්‍රිකුණාමලය කන්නියා උණු දිය ළිං පුරාවිද්‍යා භූමියෙහි පිහිටි දා ගැබ මුල්කරගෙන ජනතාව කුපිත කරවමින් අසමගිය ගොඩනගන කණ්ඩායම් සඳහා නිති ප්‍රාකාරව කටයුතු කරන ලෙස ඉල්ලා අපේ ත්‍රිකුණාමලය සංවිධානය විසින් උප්පුවේලි පොලිසියට ලිඛිත පැමිණිල්ලක් ගොණු කරනු ලැබිය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නොවන හිටපු පලාත් සභා මන්ත්‍රී එම්. කේ. ශිවාජිලිංගම් දෙමල ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් දෙමල ජාතික සංධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ධරන් හා මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යෝගේෂ්වරන් එම සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා යන අන්තවාදි ජාතිවාදි පිරිසගේ දේශපාලන අතපෙවීම් තුලින් ත්‍රිකුණාමලයේ අහිංසක සංවේදී දෙමල ජනයා අයුතු ලෙස ඒකරාශි කෙරමින් ජනතාව නොමග යවා ජාතීන් අතර ගැටලූකාරි තත්වයක් ඇති කෙරන බව මෙම පැමිනිල්ලේ දැක්වේ


2011 සැප්තැම්බර් 09 වන දින අංක 1723 දරණ ගැසට් නිවේදනය මගින් උණු දිය ළිං හත දා ගැබ හා පිළිමගෙය ඇතුලූ ස්ථාන පුරාවිද්‍යා ස්මාරක ලෙස නම්කර තිබියදි පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයා හා ත්‍රිකුණාමලය දිසාපතිවරයා මෙම කටයුතු වලට මැදිහත් නොවිම හේතුවෙන් ජාතිවාදි අන්තවාදි කණ්ඩායම් සංහිදියාවට බාධා කරමින් ගැටුම්කාරි තත්වයක් නිර්මාණය කිරිමට උත්සහ ගන්නා බව පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
ත්‍රිකුණාමලයේ උරුමයන් ආරක්ෂා කරගනිමින් දිස්ත්‍රික්කය තුල ජිවත්වන සිංහල, දෙමල, මුස්ලිම් මෙන්ම බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ජනතාවගේ සමගිය ගොඩනැගීම තම සංවිධානයේ අරමුණ වන බැවින් සංවේදි යන වචනය මත ගනු ලබන තීන්දු තීරණ හේතුවෙන් ජන වර්ග අතර පවතින සමගිය කිසිදා නොබිදෙන ලෙස ආරක්ෂා කිරිම තම වගකීමක් වන බව පවසා අපේ ත්‍රිකුණාමලය සංවිධානයේ සභාපති ජී. පී. සමන් කුමාර ලේකම් වින්තක විජයවර්ධන මහත්වරුන්ගේ අස්සනින් යුතුව මෙම පැමිණිල්ල ගොණු කර තිබේ
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ උප්පුවේලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගයාන් ප්‍රසන්න මහතාගේ මෙහෙයවිම මත ක්‍රියාත්මක වේ.