‘ඇතැම් වැදගත් බුද්ධි තොරතුරු ගැන මට කිව්වේ නෑ’ – STF ප්‍රධානී

Picture of අසංක

අසංක

බුද්ධි අංශයට වාර්තා වී තිබූ ඇතැම් වැදගත් තොරතුරු පිළිබඳව පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර, තමා දැනුවත් නොකළ බව පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් මහතා, ඒ සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් අද පැවැසීය.

විශේෂ කාර්ය බලකාය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂාව භාරව කටයුතු කළ බැවින් බුද්ධි තොරතුරක් පිළිබඳ ලිපිය තමාට ලැබුණු පසුව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙකුට ඒ බව දැනුම් දුන් බව හෙතෙම කියාසිටියේය.

බුද්ධි අංශ ප්‍රධානියා අප්‍රේල් 18වැනිදා තමා අමතා දින දෙකකට පෙර වූ පිපිරුම පිළිබඳව තමා දැනුවත් කළ බව ද ඔහු කීය.

ඒ සම්බන්ධයෙන් තමා සතුව පැවැති තොරතුරු අප්‍රේල් 19 වනදා පොලිස්පතිවරයාට දැනුම් දුන් බවත් සාක්ෂි දෙමින් ලතීෆ් මහතා වැඩිදුරටත් කියාසිටියේය.