‘අයිති නැතත් IS ගැන බුද්ධි අංශයට උපදෙස් දුන්නා’- හිටපු පොලිස්පති

Picture of අසංක

අසංක

ඉස්ලාම් අන්තවාදය නැගීසිටීමේදී ඒ සම්බන්ධයෙන් තමා රාජ්‍ය බුද්ධි සේවයේ වත්මන් අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන් බව හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් පැවැසීය.

ඒ රාජ්‍ය බුද්ධි අංශය තමා යටතේ නොමැති පසුබිමකදී බව ඔහු සඳහන් කළේය.

අයි.එස් ත්‍රස්තවාදීන්ට සම්බන්ධ වීම සඳහා 2015 වසරේ අගබාගය වන විට පුද්ගලයින් 5 දෙනෙකු පවුලේ සාමාජිකයින් 34ක පමණ පිරිසක් සමග සිරියාවට ගොස් ඇතැයි වාර්තා වු බව ද හිටපු පොලිස්පතිවරයා අනාවරණය කළේය.

එවැනි තොරතුරු නිතර ආරක්ෂක මණ්ඩලයේ සාකච්ඡා කළ බවත් ඔහු පැවැසීය.

එමෙන්ම මෙම තත්ත්වය පිළිබඳ ඒ අවස්ථාවේ ගත යුතුව තිබු යම් යම් ක්‍රියාමාර්ග අනුගමනය කළ බව ද ඔහු සිහිපත් කළේය.