රිෂාද් බලෙන් අල්ලාගත් පුත්තලමේ අක්කර 1000ක් ගැන තතු FCIDයේ

Picture of අසංක

අසංක

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා සහ ඔහුගේ ගෝලබාලයන් එක්ව පුත්තලමේ ඉඩම් අක්කර 1000කට වැඩිප්‍රමාණයක් අල්ලාගෙන ඇති බවට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය තහවුරු කරගෙන තිබේ.

ඒ අතර පුත්තලමේ අක්කර 5ක විල්ලුවක් ගොඩකර ඊට යාබදව ඇති අක්කර 25ක ඉඩමකට සම්බන්ධ කරගැනීමක් ගැන ද තොරතුරු හෙළිවී තිබේ.

එම ස්ථානය හඳුන්වනු ලබන්නේ අඩපණවිල්ලුව නමිනි.

ප්‍රභූ ආරක්ෂකයන් ලවා එම ස්ථනායේ පොල් පැළ වගා කර තිබී ඇති අතර වන අලින් විසින් ඒවා කා දමා තිබෙනු එෆ්සීඅයිඩී නිලධාරීන් දැක ඇත.

එමෙන්ම හලාවත වැවිලි සමාගමට අයත් පාලවිය පිහිටි ඉඩමකින් අක්කර 5ක් ද එළුවන්කුලම අක්කර 110ක් ද මෙලෙස බලහත්කාරයෙන් අල්ලාගෙන ඇතැයි තහවුරු වී තිබේ.

කල්පිටිය ලුණු ලේවායේ ඉඩමෙන් අක්කර 217ක් රිෂාද් බදියුදීන්ගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු බව කියන පුද්ගලයකු විසින් 2014 වසරේ සිට බලහත්කාරයෙන් යටත් කරගෙන ඇත.

ඉන්පසුව මේ පිළිබද හි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නඩුවක් ගොනු කර ඇති අතර එහිදී බදියුදීන්ගේ පාර්ශ්වය විසින් එම ඉඩම බදු ගෙවා තවදුරටත් තබා ගැනීමට එකඟ වී ඇත.

2016 දී අධිකරණය විසින් නියා්ග කර තිබුණේ එම ඉඩම වෙනුවෙන් රුපියල් කෝටි 16ක බදු මුදලක් ගෙවන ලෙසයි.

එහෙත් අදවනතෙක් එම බදු මුදල් ගෙවා හෝ ඉඩමයළි බාර නොදී තවදුරටත් ඉඩත්ාරයෙන් ඉඩම භුක්ති විඳිමින් පවතින බව ද එෆ්සීඅඩිය තහවුරු කරගෙන තිබේ.

මෙම ඉඩම් පිළිබඳ සියලුම තොරතු එෆ්සීඅයිඩීය විසින් ලබාගෙන ඇත.