කමිටුවට ආ නීතිපති සාක්ෂි නොදී යයි

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට අද පැමිණි නීතිපති දප්පුල ද ලිවේරා මහතා සාක්ෂි දීමෙන් වැළකී සිටියේය.

ඒ නීතිපතිවරයා ලෙස මෙම කමිටුව හමුවේ සාක්ෂි ලබාදීමෙන් තම රාජකාරි කටයුතුවලදී ඇතිවිය හැකි නීතිමය තත්ත්වය පිළිබඳ දීර්ඝ විස්තරයක් ද ඉදිරිපත් කරමිනි.

මේ පිළිබඳ තමන් කථානායකවරයා දැනුවත් කළ බවද නීතිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

මෙම නීති පසුබිම පැහැදිලි කිරීමෙන් පසුව කාරක සභාව විනාඩි 5කට කල්තබා තිබේ.

ඉන්පසුව නීතිපතිවරයා එම ස්ථානයෙන් ගොස් ඇති අතර ඔහුගෙන් සාක්ෂි විමසීමේ කටයුතු එතැනින් අවසන් විය.