කතුන් දෙදෙනකු ඝාතනයේ ප්‍රධාන සැකකරු කොස්ගමදී මරාදමලා

Picture of අසංක

අසංක

කාන්තාවන් දෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු කොස්ගම, කළුඅග්ගල ප්‍රදේශයේදී අද දහවල් කපාකොටා ඝාතනය කර තිබේ.

පසුගිය වසරේ මැයි මස 02 වන දා කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස කපා කොටා ඝාතනය කර තිබී ඇත්තේ වැරැල්ල මණ්ඩිය ප්‍රදේශයේදී ය.

මෙම සිද්ධියට අදාළ නඩුව විභාග වූ අවස්ථාවේදී අධිකරණය නියෝග කර ඇත්තේ සැකකරු සෑම ඉරු දිනකම කොස්ගම පොලීසියේ පෙනී සිටින ලෙසයි.

ඒ අනුව සැකකරු කොස්ගම පොලීසියට පැමිණ ආපසු යමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි අයකු තියුණු ආයුධයකින් පහර දී සැකකරු ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.