ජම්බූගස්මුල්ල වෙඩිල්ල පාතාලයට ලද ක්‍රොන්ත්‍රාත්තුවක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඊයේ (28) අළුයම කොහුවල ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී සාදයක් අවසන් වී යමින් සිටි ව්‍යාපාරිකයන් දෙනෙකුට එල්ල කල වෙඩි ප්‍රහාරය ව්‍යාපාරික ගණුදෙනුවක් මත පතාලයට ලබාදුන් කොන්ත්‍රාතුවක් මත මෙම වෙඩි තැබිම සිදු කල ඇති බවයි. මෙම වෙඩි ප්‍රහාරයක් මියගොස් ඇත්තේ උඩහමුල්ල පදිංචි සුනිල් රුවන් පෙරේරා නැමති පුද්ගලයෙකි මොහු කලක් ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කර ඇති පුද්ගලයෙකි. තුවාල ලැබූ අනික් පුද්ගලයා නුගේගොට තලපත්පිටියේ පදිංචි ඉන්දික රොෂාන් නැමැති බස් අයිතිකරුවෙකි.‍ මෙ‍ාවුන්ට වෙඩි තැබීම කල ඇත්තේ ව්‍යාපාරිකයන් ගමන් කල රථයේ රියදුරු දොර විවෘත කරමින් වන අතර එහිදි ඝාතකයන්ගේ ගිනි අවියේ මැගසිනය බිම වැටී තිබේ. එය විමර්ශන කණ්ඩායම් විසින් සොයා ගෙන තිබේ.

ඝාතකයන් පැමිණි යතුරු පැදිය ඒ අසල දමා ගොස් තිබියදී සෛායා ගෙන තිබේ. යතුරු පැදියේ චැසිං අංක මකා දමා ඇති බවත් වාර්තා වේ.