එජාප සන්ධානයට පෙර අගමැති සුළු පක්ෂ වල මතය විමසයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයක , ජනාධිපතිවරණ අපේක්ෂකයා පිලිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා එජාපය සමග එක්ව සිටින සුළු පක්ෂවල මතය විමසීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ එළඹෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රස්වීමට පෙර මෙසේ සුළු පක්ෂ සමග සාකච්ජා කිරීමට වික්‍රමසිංහ මහතා සැලසුම් කර ඇත.

සමස්ත ලංකා මහජන කොංග්‍රසය වන තම පක්ෂයේත් ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසය,දෙමළ ප්‍රගතශීලී සන්ධානය සහ ජාතික හෙළ උරුමය යන පක්ෂවල නායකයින් හා නියෝජිතයින් මෙම සාකච්ඡාවට කැඳවා ඇත.