එජාපය හා සන්ධානගතවන ශ්‍රීලනිප මන්ත්‍රීවරු ජනපති හමුවට

Picture of අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයකට සහය ලබාදීමට සූදානමින් සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හා ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ජාවක් ඉදිරි දින කිහිපය තුල පැවැත්වීමට නියමිතව ඇත.

මෙම සාකච්ජාව සඳහා මහින්ද අමරවීර, දුමින්ද දිසානායක යන ශ්‍රීලනිප ප්‍රබලයින් ඇතුළු මන්ත්‍රීවරු කිහිපදෙනෙකු එක්වීමට නියමිත බවද වාර්තාවේ.

එජාපයට එක්වනවානම් වෙනම සන්ධානයක් ලෙස ඊට එක්වීමට මෙම මන්ත්‍රී පිරිස සැලසුම් කරමින් සිටින අතර , ඒ අනුව ගොඩනගන එම නව සන්ධානය පිළිබඳවද ජනපතිවරයා සමග පුළුල්ව සාකච්ජා කිරීමට නියමිතය.