නින්දවූර් නිවුන් දැරියන් දෙදෙනෙකු ඝාතනය කරලා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

නින්දවූර් ප්‍රදේශයේ නිවසක මාස 10ක් වයසැති නිවුන් දැරියන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා. ඝාතනයන් සිදුවූ නිවසේ නාන කාමරය තුළ දී මෙලෙස නිවුන් දැරියන් දෙදෙනා ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

මෙම ඝාතනයන්ට සම්බන්ධ බව කියන දැරියන් දෙදෙනාගේ මව මේ වන විට රෝහල් ගත කර ඇති අතර සැකකාර මවට මානසික රෝගයක් ඇති බවට සැක කරන බවයි පොලිසිය පැවසුවේ. මීට පෙර මොවුන්ගේ වැඩිමහල් දියණියක්ද රෙදි සෝදන යන්ත්‍රයක් තුල මියගොස් සිට හමුවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය විමර්ශන සිදුකරයි.