ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් අද හවස දිවුරුම් දෙන්න සියල්ල සූදානම්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

04/21 ප්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතාට එල්ලවූ චෝදනා මත රතන හිමියන්ගේ උපවාසයට ප්‍රතිචාර වශයෙන් ආණ්ඩුව නියෝජනය කරන සියලුම මුස්ලිම් මැති ඇමතිරුන් තමන් දරන තනතුරු වලින් පසුගියදා ඉල්ලා අස්විය.

පාස්කු ප්‍රහාරයට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සම්බන්ධ නොමැති බව පරික්ෂණ වලින් හෙලිවූ අතර ඒ අනුව අද දිනයේ හිටපු අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ නිවසේ හා අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ නිවසේ පැවති සාකච්ඡා වලින් පසුව අද සවස මුස්ලිම් මැතිඇමතිවරු තමන් දැරු සියළු තනතුරු භාර ගැනීමට තීරණය කර ඇත. ඒ අනුව ඔවුන් ජනාධිපතිවරයා ඉදිරියේ අද සවස දිවුරුම් දෙනු ඇත.

ද කලම්බෝ එක්ස්ප්‍රස් අපට වාර්තා වෙන ආකාරයට තවමත් ජනාධිපතිවරයා මේ වෙනුවෙන් වෙලාව ලබා දී නොමැත.