ජම්බුගස්මුල්ල ව්‍යාපාරිකයාගේ ඝාතකයා හදුනාගනී

Picture of අසංක

අසංක

ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයන් දෙදෙනකුට වෙඩි තබා අයකු ඝාතනය කර අනෙකාට බරපතළ තුවාල සිදුකළ වෙඩික්කරු ‘ජම්බුගස්මුල්ලේ බබී’ බවට හදුනාගෙන ඇත.

කලක සිටම බබී සහ ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා අතර ඉඩමක් විකිණීමක් සම්බන්ධයෙන් මුදල් ආරවුලක් තිබී ඇතැයි පොලීසිය සොයාගෙන තිබේ.

වෙඩි පහරින් මියගිය ව්‍යාපාරිකයා ටික දිනකට පෙර සිය බලහත්කාරයෙන් නුගේගොඩ පිහිටි අවන්හලක පිරිසක් ඉවත් කොට එය තමා විසින් ආරම්භ කිරීම සදහා අලුත්වැඩියා කරමින් තිබී ඇත.

ඒ සම්බන්ධයෙන් ද බබී සහ එම ව්‍යාපාරිකයා අතර තිබී ඇත්තේ විරසකයකි.

මෙම වෙඩිතැබීම සිදුව ඇත්තේ මෙම සිද්ධීන් දෙක මුල්කරගෙන බවට පොලිස් මූලික පරීක්ෂණවලින් හෙළිවී ඇත.

වෙඩිතැබීමට ගෙන ගිය යතුරුපැදිය එහි ලියාපදිංචි අයිතිකරුගෙන් මිලදී ගෙන ඇත්තේ ද බබී විසින්ම බවට ද තහවුරු කරගෙන තිබේ.

මියයාමට ලක්වූ ව්‍යාපාරිකයා කලක් පොලිස් ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකුව සිටි කොස්තාපල්වරයෙකි.