ඇමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානියා ඉවත් වෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

අමෙරිකානු ජාතික බුද්ධි අංශ ප්‍රධානී ඩෑන් කෝට්ස් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය හැරයන, නවතම සාමාජිකයා ඔහු වනු ඇති බව සඳහන් වෙනවා.

ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් කියා සිටියේ ඩෑන් කෝට්ස් ලබන මස මැදභාගයේදී ඉල්ලා අස්වීමට නියමිත අතර ඉන් පසුව ජාතික බුද්ධි අංශ ප්‍රධානී ධූරයට ටෙක්සාස් ප්‍රාන්ත කොංග්‍රස් සභික ජෝන් රැට්ක්ලිෆ්ගේ නම යෝජනා කරන බවයි.

ජෝන් රැට්ක්ලිෆ් අමෙරිකාවේ විශිෂ්ටත්වය වර්ධනය කිරීමට තම සහයෝගය ලබා දෙනු ඇතැයි ද ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියා.