පොහොට්ටුවේ ජනපති සටනේ පළමු පියවර ලබන සතියේ

Picture of අසංක

අසංක


ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියේ පළමු අදියර එළඹෙන 04 දින ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව රට පුරා පවතින ග්‍රාමසේවා වසම් 14000 ම ආවරණය වන පරිදි ප්‍රචාරණ වැඩපිළිවෙල දියත් කිරීමට පෙරමුණ සැලසුම් කර ඇත.

එසේම මීට සමගාමීව ,ජනාධිපතිවරණය වෙනුවෙන්ම සකස් කරන ලද විශේෂ ජංගම දුරකථන යෙදවුමක් එළිදැක්වීමටද පොදුජන පෙරමුණ සැලසුම් කර ඇත.

ඒ හරහා ජනතාවට ඍජුවම පෙරමුණේ ජනපති අපේක්ෂකයා සමග සම්භාන්ධවීමට අවස්ථාව උදාවේ.

කෙසේ වෙතත් තවමත් එම පෙරමුණ තම ජනාධිපති අපේක්ෂකයා නම් කර නොමැත ,