එජාප සන්ධානයේ සභාපතිකම කරුට

Picture of අසංක

අසංක

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ගොඩනැගීමට නියමිත සන්ධානයේ සභාපතිධූරය කථානායක කරු ජයසූරිය මහතා පත්කිරීමට සැලසුම් ඇති බව දේශපාලන මාර්ග සඳහන් කර සිටී .

එම සන්ධානය නායකත්ව මාණ්ඩලයකින් සමන්විත වනු ඇති බවත් එම මණ්ඩලයේ සභාපති ධූරය කරු ජයසූරිය මහතාට ලබාදෙනු ඇති බවටත් වැඩි දුරටත් කරුණු වාර්තාවේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ අනුමැතිය මේ සඳහා දැනටමත් ලැබී ඇති බවද වාර්තාවේ. කෙසේ වෙතත් පසුපෙළ මන්ත්‍රීවරු කිහිපදෙනෙකුගෙන් මීට යම් විරෝධයක් එල්ලවී ඇත. ඒ අනුව එම මන්ත්‍රීවරුන් සමග මෙන්ම එජාපයට සහය දක්වන සුළු පක්ෂ සමගද මේ පිළිබඳව තවදුරටත් සාකච්ජා කිරීමට එජාප නායකත්වය කටයුතු යොදා ඇත.