බස්වලට භූමිතෙල් දෙන ෂෙඩ්වලට සීල්

Picture of අසංක

අසංක

බස් රථ සඳහා භූමිතෙල් නිකුත් කරන ඉන්ධන පිරවුම්හල්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත.

ඒ අනුව එවැනි ඉන්ධන පිරවුම්හල්වලට .මුද්‍රා තැබීමටද කටයුතු යොදන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ප්‍රමාණය ඉක්මවා භූමිතෙල් නිකුත් කරන ඉන්ධන පිරවුම්හල් පිළිබඳව ද සංස්ථාව විසින් අධ්‍යයනයක් ක්‍රියාත්මක කර ඇත.

එම වාර්තා පදනම් කරගනිමින් දැනට ක්‍රියාත්මක මෙහෙයුම් තවදුරටත් තීව්‍ර කිරීමටද සංස්ථාව සැලසුම් කර ඇත