21/04 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 05 ක මුදලක් ප්‍රදානය කරන බව ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් සහ ජාත්‍යන්තර මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඞ් බින් අබ්දුල් කරීම් අල්ඉසා ඊයේ (30) ප්‍රකාශ කර සිටියා ඒ කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව අමතමින් ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් සහ ජාත්‍යන්තර මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ සභාපතිවරයා ඒ බව සඳහන් කර සිටියා.
සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වනු ලැබුවා.
මෙම උත්සවයට මහනායක හිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නයත් අනෙකුත් ආගමික නායකයන්, හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
At the National Conference on Peace, Harmony and Coexistence in Sri Lanka, HE Dr. #MohammadAlissa announced a $5 million donation from #MWL to support the victims & families of the #EasterSunday attacks. pic.twitter.com/SiM0l6JW0u
— Muslim World League (@MWLOrg_en) July 30, 2019