ජනාධිපතිවරණ අභියෝගයට සූදානම් – පුරවැසිභාවය ඉවත් කිරිමේ කටයුතු අවසන්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පසුගිය අප්‍රේල් මාසයේදී සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පතකට ප‍්‍රකාශ කර තිබේ. එම වාර්තාවේ සදහන් ආකාරයට ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කල ඇත්තේ පුරවැසිභාවය ඉවත්කරගැනීමේ එම කටයුතු කිසිදු ප‍්‍රශ්නයකින් තොරව අවසන් වූ බව සදහන් කර තිබේ.

බොහෝ දෙනා නොයෙක් ප‍්‍රකාශ සිදු කළද ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට කිසිදු බාධාවක් නොවූ බවත් හෙතෙම පැවසීය. මේ වන විට තමා ශ‍්‍රී ලංකා ගමන් බලපත‍්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම්කර ඇති බව හෙතෙම කීය. ජනාධිපති මැතිවරණයේ අභියෝගය භාර ගැනීමට තමා සුදානම් බවත් රාජපක්‍ෂ මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.