‘MCC ගනුදෙනුව යටතේ ලංකාවේ කිසිම ඉඩමක් අපේ පාලනේ නෑ’ – අමෙරිකාව

Picture of අසංක

අසංක


මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (එම්.සී.සී.) ගනුදෙනුව යටතේ ශ්‍රී ලංකාවේ කිසිදු ඉඩමක් පාලනය කිරීමට ඇමෙරිකාව කටයුතු නොකරන බව මෙරට ඇමෙරිකානු තානාපතිනිය අවධාරණය කර සිටී.

ශ්‍රී ලංකා – ඇමෙරිකානු ව්‍යාපාර කවුන්සිලයේ මහ සභා රැස්වීමට එක්වෙමින් තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මේ බව පැවසුවාය .

ශ්‍රී ලංකාව තුල ව්‍යාපාර අවස්ථා නිර්මාණය කොට ඒ හරහා ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට දායක වීමට එක්සත් ජනපදයට අවශ්‍ය බව ඇය මෙහිදී පැවසුවාය .

මිලේනියම්වැ කෝපරේෂන් ගිවිසුමේදී , බොහෝදේ අධීක්ෂණය සහ පාලනය කිරීමේ බලය ශ්‍රී ලංකාවට ලැබෙන බවත් . එක්සත් ජනපදයට කිසිදු ඉඩමක් අයිති කර ගැනීමට, පාලනය කිරීමට හෝ පරිපාලනය කිරීමට ඒ හරහා ඉඩ නොලැබෙන බවත්නො තානාපතිනිය පැවසීය

ශ්‍රී ලංකා වානිජ්‍ය මණ්ඩලය සංවිධානය කල මෙම රැස්වීම කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී ඊයේ (30) පස්වරුවේ පවතී අතර මෙම අවස්ථාවට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ද සහභාගී විය.