BREAKING NEWSExpress Gossip


Share now!

ෆේස් බුක් සමාගම විසින් තම වෙබ් අඩවිය තුල පළකරනු ලබන දේශපාලන දැන්වීම් වලට අදාල වූ නීති රීති දැඩි කිරීමට තීරණය කර තිබේ. එළඹෙන මැයි මාසයේදී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට සමගාමීව මෙම තීරණය ගත් බව එම සමාගම ප‍්‍රකාශ කර සිටියි.

මැතිවරණය කටයුතුවට සමගාමීව ෆේස් බුක් ඔස්සේ පළකරනු ලබන දැන්වීම් වල විනිවිද භාවය ආරක්ෂා කිරීම මෙම තිරණය හේතු බවද එම සමාගම සදහන් කරයි.

ඒ අනුව මෙම දැන්වීම් පළකරනු ලැබූ තැන්ත්තන් සම්බන්ධයෙන් තෙරතුරු දැන ගැනීමට හැකිවන ආකාරයෙන් තම වෙබ් අඩවිය සකස් කිරීමට නියමිත බවද ෆෙස් බුක් සමගාම නිවේදනය කර සිටිය. මෙමගින් මහජනතාවට දේශපාලඥයින් දැන්වීම් සදහා මුදල් යොදා ගන්නා ආකාරය පිළිබද අවබෝධයක් ගැනීමට හැකිවීම මගින් විනිවිද භාවය ආරක්ෂා කර ගැනීමට හැකිවන බවටද ෆේස් බුක් සමාගම පෙන්වා දෙයි.

සචිත සේනාරත්න