Featuredport-city-colombo


Share now!

වරාය නගර ගිවිසුම යලි සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුව ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටී.

පසුගිය යහපාලන රජය යටතේ වරාය නගර ගිවිසුම් වෙනස් කිරීම හේතුවෙන් රටට අහිමි වූ ඉඩම් ප‍්‍රමාණය නැවත ලබා ගැනීම සඳහා මෙසේ එම ගිවිසුම නැවත සංශෝධනය කරන බවද අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පවතී රැස්වීමකදී පැවසීය එහිදී අවධාරණය කළා.

යහපාලන රජය මෙසේ කොළඹ වරාය නගර ගිවිසුම වෙනස් කිරිම හේතුවෙන් වරාය නගරයෙන් මෙරටට අයිති විය යුතුව තිබූ ඉඩම් විශාල ප‍්‍රමාණයක් අහිමි වූ බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

වරාය නගර ගිවිසුමේ යළි වෙනස්කම් කිරීම තුළින් එය නැවත යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා බව අග‍්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

තම රජය යටතේ ක‍්‍රියාත්මක කළ සංවර්ධන ක‍්‍රියාදාමය පසුගිය වසර පහ තුළ සම්පූර්ණයෙන්ම අඩාල වූ අතර කොළඹ වරාය නගරය ඉදිකිරීම ද වසර දෙකක් ඇණහිටි බවයි අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.