මෙරට තුළ 120,000කට කොවිඩ් එන්නත දීලා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මෙරට කොරෝනා වසංගතය මර්දන එන්නත් වැඩපිළිවෙළ යටතේ  ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්  එන්නත 120,000කට ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
ඊයේ  (02) දිනය තුළ පුද්ගලයන් 23,217 දෙනෙකුට එන්නත ලබාදී ඇත.
ඒ අනුව පසුගිය 29 වැනිදා සිට මේ දක්වා   118,767 දෙනෙකුට මෙලෙස එන්නත ලබාදුන් බව එම නිවේදනයේ සඳහන් වේ.
ඉදිරියේදී තවත් එන්නත් මාත්‍රා මිලියන 5ක් ලැබෙනු ඇතැයි  අපේක්ෂාවෙන් සිටින බව කැබිනට් සම-ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවැසීය.