73 වැනි ජාතික නිදහස් සැමරුම අදයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාවේ‌ 73 වන නිදහස්‌ සැමරුම ‌අදට (04) යෙදී තිබේ.

ගෝලීය වසංගත තත්ත්වයට ශ්‍රී ලංකාව ද මුහුණ පා සිටියත් ජාතික නිදහස් සැමරුම් උළෙල අවම සාමාජිකයන් පිරිසකගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය උපදෙස්‌ හා මාර්ගෝපදේශවලට අනුකුලව සියලු ආරක්ෂක විධිවිධාන යටතේ ගාම්භීරව හා චාම්ව නිදහස්‌ චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ
මහතා ක්‍රියාවට නැංවූ රුක්‌රෝපණ වැඩසටහන ජාතික වැඩපිළිවෙළක්‌ ලෙස අද‌ දිනයේ සිට ක්‍රියාවට නැංවේ.

73 වන නිදහස්‌ දිනයට සමගාමීව සෑම ගමකම රජයේ ආයතන හා පෞද්ගලික ස්ථානවල රුක්‌ රෝපණ වැඩසටහන්‌ දියත්‌ කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය පරිදි අද දින බන්ධනාගාර ගතව සිර දඬුවම් විදින රැදවූවන් 146 දෙනෙකු වෙත අද (04)දින පොදු සමාව යටතේ නිදහස ලබාදීමට නියමිතය.

මෙවර නිදහස්‌ උත්සවයේ ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලි සඳහා එක්‌ වන ආරක්ෂක අංශයේ සියලු සාමාජිකයන්‌ පී.සී.ආර්‌. හෝ රැපිඩ්‌ ඇන්ටිජන්‌ පරීක්ෂණ සඳහා භාජනය කිරීමෙන්‌ අනතුරුව පමණක්‌ ඒ සඳහා සහභාගී වේ.

මෙවර ආචාර පෙළපාලිය සඳහා යුද්ධ හමුදා සෙබළුන්‌ හා නිලධාරින්‌ 3153 දෙනෙකුත්‌, නාවික හමුදාවෙන්‌ 821 දෙනෙකුත්‌, ගුවන්‌ හමුදා සාමාජිකයන්‌ 740 දෙනෙකුත්‌, පොලිස්‌ හා විශේෂ කාර්ය බලකායෙන්‌ 510 දෙනෙකුත්‌, සිවිල්‌ ආරක්ෂක සේවා බලක සාමාජිකයන්‌ 457 දෙනෙකුත්‌, සහභාගී වීමට නියමිතව තිබේ.

‌යම්‌ භෙයකින්‌ මේ සාමාජිකයන්‌ අතරින්‌ එක අයෙකු හෝ කොරෝනා අසාදිත බව හෙළිවුවහොත්‌ ඔවුන්ගේ පළමු පෙළ අශ්‍රිතයන්‌ ද ඉවත්‌ කොට අතිරේක බට පිරිස්‌ ඇතුළත්‌ කිරීමට ප්‍රමාණවත්‌ තරම්‌ භට පිරිසක්‌ වෙන ම සූදානමින් සිටී.