සේවක අර්ථසාධක අරමුදලේ දායකත්ව වයස් සීමාව ඉහළට

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සේවක අර්ථසාධක අරමුදල සඳහා දායකත්වය ලබාදිය හැකි අවම වයස් සීමාව වසර දෙකකින් ඉහළ දැමීමට කම්කරු අමාත්‍යංශය උපදේශක කාරක සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාල වයස් සීමාව අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ දමා තිබේ.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්  රැස් වූ කම්කරු අමාත්‍යංශය උපදේශක කාරක සභාව, වයස් සීමාව ඉහළ දැමීම සඳහා අනුමැතිය ලබාදුන් අතර ඒ අනුව ඊට අවශ්‍ය සංශෝධන ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සම්මත කර ගනු ඇත.

මීට අදාල ගැසට් නිවේදනය ද මේ වනවිට නිකුත් කර ඇත.

පුද්ගලයෙකු සේවයේ යෙදවීමේ අවම වයස් සීමාව අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ දැමීමට අදාල සංශෝධන මේ වනවිට සම්මත කරගෙන ඇති අතර ඊට සමගාමීව සේවක අර්ථසාධක අරමුදලට දායකත්වය ලබාදිය හැකි සීමාව ද අවුරුදු 16 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ