ශ්‍රී ලංකාවේ බලය බෙදීම ගැන, ඉන්දියාවට හදිසියේ මතක්වෙයි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී  ලංකාව තුළ සමානාත්මතාව සහ සාමය ආරක්ෂා වන,  බලය බෙදීමේ වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක විය යුතු බව ඉන්දීය විදේශ ඇමති ආර්. ජයශංකර් මහතා අවධාරණය කර සිටී .

දහතුන්වන සංශෝධනය මගින් පිහිටවන ලද පළාත් සභා ක්‍රමය ඒ සඳහා පදනම් කරගත හැකි බව ඔහු. ඉන්දීය පාර්ලිමේන්තුව අමතමින් ඊයේ ප්‍රකාශ කර ඇත .

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටු වන්නේ බලය බෙදීමෙන් පමණක් යයිද පවසා ඇති ඔහු තමන් ඒ ගැන පසුගිය ශ්‍රී ලංකා සංචාරයේදී ශ‍්‍රී ලංකා නායකයන් වෙත අවධාරණය කළ බවද  මෙහිදී සඳහන් කර ඇත ,

බලය බෙදීම සඳහා වන වැඩපිළිවෙළට ඉන්දියාව තම උපරිම සහාය දක්වන බවද ඒ මහතා කියා සිටි