රටට අවශ්‍ය  කොවිඩ් එන්නත් තොග අප්‍රේල් මාසයට පෙර 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
අප්‍රේල් මාසයට පෙර, මෙරට එන්නත් කළ යුතු සියලු දෙනාට අවශ්‍ය එන්නත් ආනයනය කිරීමට හැකිවනු ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කර සිටී .
චීනයේ නිෂ්පාදනය කරන ‘සයිනෝෆාම්’ කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත සඳහා ඉදිරි සතිය  ඇතුලත  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවනු ඇතැයි හෙතෙම කීය.
එම . අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු අද දිනයේ සිට ආරම්භ කරන බවද  ගුණසේන මහතා මාධ්‍ය වෙත පැවසීය ..
මීට අමතරව රුසියාවේ නිෂ්පාදනය කරන එන්නත හා ඉන්දියාවේ භාරත් බයෝටෙක් එන්නත සඳහා ද ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ඉල්ලා ඇති බව සභාපතිවරයා පැවසීය .
ඒ අනුව ඉදිරි මාස 02 ඇතුළත එන්නත් මාත්‍රා මිලියන 09 ක් ලබා ගැනීමට කටයුතු කරන බව වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දෙ.