“රටේ ණයබර වැඩිවුණේ , නායකයින්ගේ වැරදි නිසයි”  – අගරදගුරු

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
නිදහසින් පසු ශ්‍රී ලංකාව  ලෝක බලවතුන් හමුවේ ණයගැතියෙකු බවට පත්වීම පිළිබඳව , එදා මෙදා තුර පාලන බලය හිමිවු සියලු  දේශපාලකයින් වගකිව යුතුබව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.
උන්වහන්සේ මේ බව සඳහන්  කලේ, 73වන නිදහස් දිනය වෙනුවෙන් ඊයේ (04)  බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව් මැදුරේදී පැවති දේව මෙහෙයේදීය .
රට මෙම අර්බුදයන්ගෙන් ගොඩගැනීම සඳහා පක්‍ෂ පාට  අමතක කර සියලුදෙනා එක්වී කටයුතු කල යුතු බවද උන්වහන්සේ පැවසීය
එම දේව මෙහෙයට සහභාගී වෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බවද  කියා සිටියේ ය.
“රටේ පොදු සම්පත් ලෝක බලවතුන්ට විකුණා සැප විඳින්නට උත්සහ කරන්නට බැහැ අපට. පසුගිය වසර 20ක 30ක කාලයක සිට මේ දේවල් විකිණීමේ තත්ත්වයකට අපේ රට පත්ව තිබෙනවා. අපට බැරි ආර්ථික ක්‍රම මේ රටට හඳුන්වා දෙන්නට ගිහිල්ලා මේ රට ලෝකයේ නොයෙකුත් රටවල්වල ණය කාරයෙක් බවට පත්කරලා. මේ සෑම දෙයක්ම වෙලා තියෙන්නේ අපේ රටේ නායකයෝ ගමන්කළ වැරැදි මාර්ග නිසයි.”