ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 400යේ ණය පියවා දමයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියානු සංචිත බැංකු මගින් ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 400ක් වටිනා හුවමාරු ණය සම්පුර්ණයෙන් පියවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටි.

ඇතම් මාධ්‍ය වාර්තා කර තිබුනේ මෙම ණය පහසුකම් පියවන ලෙසට ඉන්දියාව මෙරට මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් සිදුකර තිබු බවය.  නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව සිය ට්විටර් ගිණුම හරහා නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එවැනි කිසිදු ඉල්ලීමක් සිදුකර නොමැති බවත් නියමිත පරිදි මුදල් පියවීම සිදුකල බවතය

. එමෙන්ම ඉදිරි සහයෝගිතා සම්බන්ධයෙන් ද අඛණ්ඩව සාකච්ජා කෙරෙන බවටද මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබෙ.

2020 වර්ෂයේ ජූලි මාසයේදී ශ්‍රී ලංකාව විසින් ඉන්දියානු සංචිත බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරු ණය මුදලක් ලබා ගනු ලැබීය