විශ්‍රාම යන පොලිස් නිලධාරීන් සේවා දිගු ඉල්ලයි – පොලිස්පති බෑ කියයි

Picture of අසංක

අසංක

මෑතකදී විශ්‍රාම යාමට නියමිත ඉහල පොලිස් නිලධාරීන් රැසක් පොලිස්පතිවරයාගෙන් සේවා දිගු ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එහෙත් පොලිස්පතිවරයා විසින් එම සේවා දිගු ලබාදීම් ඉතා කාරුණිකව ප්‍රතික්ෂේප කර ඇති බවත් එම නිලධාරීන්ට සේවා දිගු ලබාදුනහොත් පහල නිලධාරීන්ට ඉහළට ඒමේ අවස්ථාව නොලැබෙන බවත් සඳහන් කර තිබෙන බවට පොලිස් ආරංචි මාර්ග ආරංචි මාර්ග අනාවරණය කරයි.

ජනාධිපති වරයාගේ අදහසද වී ඇත්තේ සේවා දිගු ලබා නොදිය යුතුය යන ස්ථාවරය වෙන බවට සේවා දිගු ඉල්ලා පැමිණි පොලිස් පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා විසින් පැවසුවේ යැයි වාර්තා වේ.

වයස අවුරුදු 60 සම්පූර්ණ වීමෙන් මෙම වසර තුළ පමණක් පොලිස් නිලධාරීන් 1424 දෙනෙකු විශ්‍රාම ගැනීමට නියමිතව ඇත.

ඒ අය අතර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තිදෙනෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරු 10 දෙනෙක් ද සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.