කොළඹ විශ්වවිද්‍යාලයීය ශාස්ත්‍ර පීඨ, වාර්ෂික පර්යේෂණ සමුළුව, දෙසැම්බර් මස 01 ආරම්භවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨයේ වාර්ෂික පර්යේෂණ සමුළුව දෙසැම්බර් 1, 2  සහ 3 යන දිනවල දී ශාස්තර  පීඨ පරිශ්‍රයේ දී පැවැත්වේ .

මෙහි දී සමාරම්භක උත්සවය පීඨ පරිශ්‍රයේ පවත්වනු  ලබන අතර  සෙසු දිනයන්ගේ  සියලු පර්යේෂණ සැසි, මාර්ගගත තාක්ෂනය  ඔස්සේ පවත්වනු ලබයි . මෙම තෙදින සමුළුවේ දී දෙස් විදෙස් පර්යේෂකයන් සහ සමාජ විද්‍යාඥයන් තම පර්යේෂණ ප්‍රතිඵල ශාස්ත්‍රීය  ප්‍රජාව සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරනු ලබයි. එසේ ම මෙම සාකච්ඡාවන්ගේ ප්‍රතිඵල ,  පර්යේෂණ පත්‍රිකා  සහ වෙනත්  මාධ්‍ය හරහා සමාජගත  කිරීමට බලාපොරොත්තුවේ

කොළඹ විශ්විවීද්‍යාලයේ මානව ශාස්තර  සහ සමාජීය විද්‍යා සියවස් සැමරුමට සමගාමීව මෙවර  පර්යේෂණ සමුළුව පැවැත්වීම  විශේෂත්ඒවයකි .  අනුව මෙම සමුළුවේ තේමාව වන්නේ  ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව ශාස්ත්‍ර  සහ සමාජීය විද්‍යා ශතවර්ෂය: අර්බුද සමයක නවොත්පාදනය  සහ අනුවර්තනය යි .

මෙම පර්යේෂණ සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු  ලබන්නේ එක්සත් රාජධානියේ හඩර්ස්ෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ ව්‍යාවහාරික විද්‍යා අධ්‍යයනාංශයේ ආපදා අවදානම් අවමකරණය හා කළමනාකරණය පිළිබඳ මහාචාර්ය ඩිලන්ති  අමරසිංහ  මැතිනිය  විසිනි.

එක්සත්  ජනපදයේ වේක් ෆොරස්ට් විශ්වවිද්‍යාලයේ දේශපාලනය හා අන්තර්ජාතික කටයුතු  පිළිබඳ මහාචාර්ය නීල් ඩෙවෝටා සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය මානවශාස්ත්‍ර  අධ්‍යයනාංශයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ සේවාර්ජිත මහාචාර්ය සරෝජ් ජයසිංහ යන විද්වතුන් විසිනි .

මෙවර  (IconArts- 2021) පර්යේෂණ සමුළුවෙහි සමාරම්භක උළෙල  දෙසැම්බර් මස 01 වැනි බදාදා දින පස්වරු 4ට කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්ද්‍රිකා.එන්. විජයරත්න මැතිනියගේ ප්‍රධානත්වයෙන්  ශාස්ත්‍ර  පීඨ පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු කර තිබේ .

මෙම සියලු සැසි සඳහා  විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් සහ විද්‍යාර්ථීන් මෙන්ම මහජනතාවටද මාර්ගගත තාක්‍ෂණය  ඔස්සේ සහභාගී විය හැකිය https://arts.cmb.ac.lk  යන කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ වෙබ් අඩවිය සමග සම්බන්ධවීමෙන් සමුළුව පිළිබඳ  සියලු  විස්තර ලබාගැනීමට මෙන්ම  හා සැසියන් සඳහා  සම්බන්ධ විය හැක . .