ඔමික්‍රෝන් දැනටමත් ලංකාවේ ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය  දැනටමත් රටට  ඇතුළු වී තිබිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි .

ජාන අනුක්‍රමණ පර්යේෂණ හරහා එය සොයාගැනීමට හැකිවුවද  ඒ සඳහා යම් කාලසීමාවක් ගතවනු ඇති බවත් එතෙක් මෙරට තුල ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාධිත වුවන් ඇතිද නැතිද යන්න පැහැදිලිව කිව නොහැකි බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් අද පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත්  සදහන් කළේ මේ හේතුවෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුව ආරක්‍ෂාකාරීව සිටීම සියලුදෙනාගේ වගකීම වන බවයි.

ඔමික්‍රොන් ප්‍රභේදය රටට ඇතුළුවීම වැළැක්වීමට රටවල් 6 කින් මෙරටට පැමිණෙන ගුවන් මගීන්ට පැමිණීම තහනම් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

එවන් පසුබිමක් තුළ ඔමික්‍රෝන් ප්‍රභේදය රටට ඇතුළුවීම වැළැක්වීම සදහා ගතයුතු පියවර සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සහ සෞඛ්‍ය විශේෂඥයින් අතර සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙ.