කොවිච්ඩ් වෛරසයේ ව්‍යාප්තිය පළමුව වාර්තා වූ චීනයේ වුහාන් නගරයේ විද්‍යාඥයින් පිරිසක් විසින් දරුණු ආකාරයේ වෛරසයක් සම්බන්ධයෙන් අනතුරු අඟවා සිටි
අලුතින් හඳුනාගෙන ඇති මෙම වෛරසය ඉතා ඉක්මනින් සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් සහිත මෙන්ම වැඩි මරණ අනුපාතයක් ඇති කිරීමට සමත් වන බව චීන විද්‍යාඥයින් පිරිස සිය වාර්තාව මගින් පෙන්වා දෙයි
නව වෛරසය සඳහා චීන විද්‍යාඥයින් විසින් NeoCoV ලෙස නම් තබා ඇති අතර එය දකුණු අප්‍රිකාවේ වෙසෙන් වවුලන් ගෙන් හමුව ඇත. මෙම වෛරසය මැදපෙරදිග රටවලින් 2012-2015 යන කාලයන් තුලදී වාර්තා වූ “මර්ස් (MERS-CoV)” නම් වූ වෛරසයේ විකෘතියක් ලෙස ඔවුන් හෙළිකර ගෙන ඇත.
මෙම NeoCoV වෛරසය ආසාදනය වන සෑම පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙකුට මරණයට පත්වීමේ හැකියාවක් පවතින බවයි චීන විද්‍යාඥයින් අනතුරු අඟවා සිටින්නේ.
මේ දක්වා, NeoCoV වෛරසය පුද්ගලයින් හට ආසාදනය වූ අවස්ථා හඳුනා ගෙන නොමැත. එසේ වුවත් මෙම වෛරසය මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමේ ඇති හැකියාව සම්බන්ධයෙන් අවශ්‍ය පර්යේෂණ සිදුකිරීමට අවශ්‍ය බවයි විද්‍යාඥයින් සඳහන් කර සිටින්නේ. යම් හෙයකින් මෙම වෛරසය මිනිසුන් අතරේ සම්ප්‍රේෂණය වුවහොත් එය කොවිඩ් වෛරසයට වඩා වැඩි හානියක් ලොවට ඇති කරනු ඇති කළ හැකි බවට විද්‍යාඥයින් අනුමාන කර සිටිනවා.