BREAKING NEWS


Share now!

නගරාන්තර, හා දුරගමන් සේවා සහ විශේෂ සීඝ්‍රගාමී දුම්රියවල ප්‍රවේශපත් ගාස්තු සියයට  පනහකින්  හා  සියයට හැටකින් පමණ ඉහල දැමීමට දුම්රිය බලධාරින් කටයුතු කර තිබෙන බවත් මේ නිසා මඟි ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටින බව ශ්‍රි ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය සඳහන් කරයි.

ඉදිරියෙදි සමාන්‍ය දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තුව හා වාර ප්‍රවේශපත්‍ර ගාස්තුව ඉහල යාමේ අවදානමක්ද ඇතිවි තිබෙන බවත් මේ වනවිට ජනතාව දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින නිසා  මේ අවස්ථාවෙදි දුම්රිය ගාස්තු ඉහල යාම සුදුසු නොවන බවද එම සංගමයේ ලේකම් කසුන් චාමර මහතා  සදහන් කළේය.