BREAKING NEWSFeaturedආර්ථික


Share now!

අද පාර්ලිමේන්තුවේදී සජබ මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා තමාගේ කතාව අතරතුර යම් රාජ්‍ය බැංකුවක් බංකොලොත් තත්වයට පත්වී තිබේද විමසා සිටියා. මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුලද දැඩි කතාබහක් ඇතිවී තිබුණා මේ සම්බන්ධයෙන් මහ බැංකුව අද පස්වරුවේ කරුණු පැහැදිලි කර තිබෙනවා.

බැංකු පද්ධතිය සම්බන්ධයෙන් සිදුකර ඇති යම් ප්‍රකාශයන් නිවැරදි නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

රටේ බැංකු පද්ධතිය ස්ථාවර බවත්, රාජ්‍ය බැංකු ආයතනවල මෙහෙයුම් කටයුතු සුමට ආකාරයෙන් සිදුවෙමින් පවතින බවටත් මහජනතාව සහ සියලු පාර්ශ්ව වෙත මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව තහවුරු කරන බවත් එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසයි