ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය ගැන, ඉන්දීය විදේශ ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ඉන්දියාවට ලබාදිය හැකි සහයෝගය පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය අචාර්ය එස්. ජයශංකර් මහතා එරට පාර්ලිමේන්තුවේ උපදේශන කමිටුව හමුවේ ප්‍රකාශයක් කිරීමට සුදානම් වේ.
ලබන 18 වැනි සිදු කෙරෙන මෙම ප්‍රකාශයේදී ඉන්දියාවේ අසල්වැසියාට ප්‍රමුඛතාව යන විදේශ ප්‍රතිපත්තියේ පිහිටා ලබාදිය හැකි ආධාර සහ එය සිදුකරන ක්‍රමවේදය පිළිබඳව අදහස් පළ කිරීමට නියමිතයි.

දැනටමත් මධ්‍යම රජයේ අවසරය ඇතිව තමිල්නාඩු ප්‍රාන්තය ශ්‍රී ලංකාවට ඖෂධ හා අත්‍යවශ්‍ය අහාර ලබාදීමට පියවර ගෙන තිබේ.