කොළඹ නගරයට ඇතුළුවන වාහන අවම කිරීමේ වැඩපිළිවෙලක්!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්ධන ගැටලුවට විසදුමක් ලෙස කොළඹ නගරයට ඇතුලුවන රථ වාහන අවම කිරීමට වැඩ පිළිවෙලක් ලබන 15 වනදා සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කළේ නිවසේ සිට පැමිණෙන ජනතාවට මාකුඹුර, කඩවත සහ කටුබැද්ද ප්‍රදේශවල ස්ථාපිත ආරක්ෂිත රථගාල්වල සිය රථ වාහන ගාල් කර සුඛෝපබෝගී බස්රථ මගින් කොළඹ නගරයට පැමිණිය හැකි බවයි.

පාක් ඇන්ඩ් රයිඩ් සේවාව ලෙස නම් කර ඇති මෙම බස්රථ සේවාව මගින් කොළඹ සිට යලි සිය ගමනාන්තය දක්වා ජනතාවට ගමන් කිරීමටද හැකියාව පවතින බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

පාසල් වෑන් රථ සදහා දෙමාපියන්ට වැඩි මුදලක් ගෙවීමට සිදු වීම හේතුවෙන් නව පාසල් බස්රථ සේවා 20ක් ආරම්භ කරන බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කළා.

කොළඹ කොටුවේ බැස්ටියන් මාවත සහ මාකුඹුර ආශ්‍රිතව ලංගම හා පෞද්ගලික බස්රථ සහ පාසල් වෑන්රථවලට ඉන්ධන ලබා ගැනීමට පහසුකම් සලසන බවද මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.