‘අංගම්පොර’ තහනම ඉවතට!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

( දම්පත් රණසිංහ )

යටත්විජිත පාලන සමයේදී ඉංග්‍රීසීන් විසින් අංගම්පොර සටන් කලාවට පැනවූ තහනම ඉවත් කිරීමේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

මෙරට පවතින සාම්ප්‍රදායික ක්‍රීඩාවක්, සටන් කලාවක් මෙන්ම සංස්කෘතික උරුමයක් වශයෙන් වැදගත් වන අංගම් සටන් කලාව ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පියවර ගනිමින් සිටී.

ඉංග්‍රීසි යටත් විජිත පාලකයින් විසින් අංගම්පොර සටන් ශිල්පය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම පිණිස 2019 වර්ෂයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත්, ඒ සඳහා වන ගැසට් නිවේදනය මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත.

එබැවින් අංගම්පොර සටන් කලාව සංරක්ෂණය කර ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ඉංග්‍රීසි යටත් විජිත පාලකයින් විසින් පනවා ඇති තහනම ඉවත් කිරීම ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් කැබිනට්ටුවට එම යෝජනාව ඉදිරිපත්කර තිබු