ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට පියවර

Picture of අසංක

අසංක

ග්ලයිෆොසේට් ආනයන තහනම ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමේ ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලයට භාරදුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.

වල්නාශකයක් වන ග්ලයිෆොසේට් 2015 දී මෙරටට ආනයනය තහනම් කරන ලදී.

ග්ලයිෆොසෙට් තහනම පිළිබඳව ගොවි නියෝජිතයින්, කෘෂිකර්ම විශේෂඥයින්, කෘෂිවිද්‍යාඥයින් ඇතුළු විවිධ අංශවලින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කළ විමසීම් ගණනාවකින් අනතුරුව මෙම තහනම ඉවත් කිරීමට තීරණය කර තිබේ.