පලාලි – චෙන්නායි ගුවන් ගමන් යළි ඇරඹේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් සේවා කටයුතු වසර ගණනාවකට පසුව අද නැවත ආරම්භ කෙරුණා.

ඒ අනුව ඉන්දියාවේ, චෙන්නායි සිට මගී ගුවන් යානයක් අද පෙරවරුවේ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

නව ගුවන් ගමන් සේවා ආරම්භයත් සමඟ ඉන්දියාවේ සිට පලාලි දක්වා සතියේ සෑම සදුදා, අඟහරුවාදා හා සෙනසුරාදා දිනයකම ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

පැවති කොරෝනා වසංගත තත්වය හා පලාලි ගුවන් තොටුපොලේ සංවර්ධන කටයුතු හේතුවෙන් පසුගිය සමයේ පලාලි සිට ඉන්දියාව දක්වා ගුවන් ගමන් නවතා තිබුණා.

අලුත්වැඩියා කටයුතුවලින් අනතුරුව මෙරට තෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙසට පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කෙරුණේ 2019 වසරේ ඔක්තෝම්බර් 17 වනදායි.