අලියයි , පොහොට්ටුවයි එකතුවෙන ලකුණු !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් සමඟ එක්ව තරඟ කිරීමට සිය පක්ෂය මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසනවා.

හොරිවිල ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එක්වීමේ සූදානමක් ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේනගෙන් එහිදී ප්‍රශ්න කළා.

මේ අතර ඊයේ පස්වරුවේ අනුරාධපුර පුදබිමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ද මාධ්‍යවේදීන් ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් විමසීමක් කළා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් ඉකුත්දා පවත්වා තිබෙනවා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සංචාරයකින් පසු යළි මෙරටට පැමිණීමෙන් අනතුරුව ජනාධිපතිවරයා හමු වූ පළමු අවස්ථාව මෙය බවයි දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ.

ඔවුන් දෙදෙනා අතර එම සාකච්ඡාව පැයකට අධික කාලයක් පැවති බව ද දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කළා