ලංකාවේ ක‍්‍රිකට් දූෂණ ගැන අලුත් තොරතුරු හෙළිවෙයි – ICC

Picture of අසංක

අසංක

චෝදනා එල්ල වී තිබෙන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් දුෂණ හැසිරීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීම සදහා ලබාදී ඇති පොදු සමාකාලයේ දැනට ගෙවී ඇති දින කිහිපය තුළ ‘අලූත් තොරතුරු බොහොමයක්’ දැනටමත් ලැබී ඇතැයි ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය පවසා තිබේ.

එම කවුන්සිලයේ දුෂණ විරෝධී එ්කක ප‍්‍රධානී ඇලෙක්ස් මාර්ෂල් පවසා ඇත්තේ පෙර දී ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ගැන තොරතුරු හෙළි වී නොතිබුණ ද ගතවූ දින කිහිපයේදී පුද්ගලයන් ගණනාවක් එ් වෙත පැමිණ තොරතුරු ලබාදුන් බවයි.

එබැවින් පොදු සමාකාලය ලබාදීම පිළිබඳ තීරණය සාර්ථක වී ඇති බවත් ඉදිරි දින කිහිපය තුළදීත් තවදුරටත් තොරතුරු ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු පවසා තිබේ.

මේ වසරේ ජනවාරි 16 වැනිදා සිට 31 වැනි දා දක්වා දින 15ක කාලයක් පොදු සමාකාලය ලෙස ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ දුෂණ විරෝධී අංශය වෙත ශ‍්‍රී ලංකා කි‍්‍රකට් දුෂණ හා සම්බන්ධ තොරතුරු වාර්තා කිරීම වෙනුවෙන් ලබාදී තිබේ.

මෙම පොදු සමාකාලය තුළ තොරතුරු ලබාදෙන ක‍්‍රීඩකයන්ට දඬුවම් නොලැබෙන නමුත් එ් කාලය තුළදීද තොරතුරු ලබානොදෙන ක‍්‍රීඩකයන්ට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය මගින් ක‍්‍රිකට් තහනමක්, දඬුවමක් ලැබෙනු ඇති බවට ද අයිසීසීය නිවේදනය කර තිබුණි.

එලෙස තොරතුරු ලබාදීමට ඉදිරිපත් නොවන දුෂිත ක‍්‍රීඩකයන් සඳහා ක‍්‍රිකට් තහනම වසර 5ක් දක්වා වුවද දීර්ඝ විය හැකි බව ද පැවසේ.

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් දුෂණ සම්බන්ධ විමර්ශනය සඳහා සාක්ෂි ලබාගැනීමේ අරමුණින් මෙම පොදු සමාකාලය ලබාදීමට අයිසීසීය තීරණය කර තිබුණි.

”ක‍්‍රීඩකයන්ට මෙන්ම සෙසු අයට වුවත් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සම්බන්ධයෙන් ඕනෑම තොරතුරක් අපිට ලබාදෙන්න කිසිදු බියක් ඇතිකරගත යුතු නෑ. දැනට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක විමර්ශන වෙනුවෙන් අප මේ තොරතුරු යොදාගන්නවා වගේම මෙරට ක‍්‍රිකට් සම්බන්ධයෙන් වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ පුළුල් චිත‍්‍රයක් ලබාගැනීමට අපිට මෙමගින් සහය ලබාගත හැකියි” යැයි ද ඇලෙක්ස් මාර්ෂල් වැඩිදුරටත් පවසා ඇත.

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් දුෂණ කි‍්‍රයා සම්බන්ධයෙන් මෙරට හිටපු කි‍්‍රකට් ක‍්‍රීඩකයන් වූ සනත් ජයසූරිය හා නුවන් සොයිසා ඇතුළු තිදෙනකුට දුෂණ විරෝධී පනත යටතේ චෝදනා එල්ල කිරීමට ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය දැනටමත් පියවර ගෙන තිබේ.