5 ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න ජනපති කැමතියි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමේ තීරණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එකඟතාව පළකර ඇත. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති “ දරුවන් සුරකිමු” ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කර ඇත. පහ වසර ශිෂ්‍යත්වය යනු දරුවාගේ අනාගතය තීරණය කරන ප්‍රධාන කඩඉමක් නොවන බැවින් එහිදී දරුවන්ට සිදුවන මානසික බලපෑම…

නීතිඥ සංගම‌යේ සභාපති ධුරය ජනපති නීතිඥ කාලිංගට

ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා වැඩි ඡන්දයෙන් අද තේරී පත්විය. ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ 2019/20 වසර සදහා නව සභාපතිවරයකු සහ ලේකම්වරයකු තෝරා පත්කර ගැනීම වෙනුවෙන් වන නිලවරණය දිවයින පුරා පිහිටි ඡුන්ද මධ්‍යස්ථාන 83කදී අද පෙරවරු 8 සිට 5 දක්වා පැවැත්විණි. ඒ අනුව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට…

අලි-මිනිස් ගැටුමේ මරණ ප‍්‍රතිඵලය 251ට 95යි

දෙදහස් දහ අට වසරේ ඔක්තෝම්බර් දක්වා අලි මිනිස් ගැටුමෙන් අලින් 251ක් හා මිනිසුන් 95 ක් මියගොස් ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි. 2017 වසර පුරා අලි මිනිස් ගැටුමෙන් මිය ගිය මිනිසුන් සංඛ්‍යාවට වැඩි සංඛ්‍යාවක් 2018 වසරේ මිය ගොස් ඇති බව එම සංඛ්යා ලේඛන පිරිස්සීමේදී පැහැදිලි වේ. 2017 මිනිසුන් 87 දෙනෙක් මියගොස් ඇති අතර 2018…

කොල්ලුපිටියට සුවිසල් මෝටර් රථ අංගනයක්

තට්ටු හයකින් යුත් සුවිසල් මෝටර් රථ අංගනයක් කොල්ලුපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට පෞද්ගලික සමාගමක් ඉදිරිපත්වී ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් වන Lee Hedges PLC සමාගම මෙම නවතම ව්‍යාපෘතියකට මුල පුරා ඇත. මෙම රථවාහන අංගනය කොළඹ 03, ගාලු පාරේ, අංක 353 දරණ ස්ථානයේ ඉදි කිරීමට කටයුතු යොදා ඇත. මෝටර් රථ 186 ක් නැවැත්වීමට ඉඩපහසුකම් සපයනු ලබන මෙම…

යාපනයට ස්මාර්ට් නගරයක්

යාපනය නගරය තුළ රුපියල් කෝටි 50ක වියදමින් ස්මාර්ට් නගරයක් ඉදිකිරීමට රජය සැලසුම් කර තිබේ. මෙම ස්මාර්ට් නගරය යාපනය චෙම්මනි ප‍්‍රදේශයේ ඉදිරිකිරීමට නියමිතව ඇත. මේ වනවිට යාපනය මහනගරය සභාවේ අනුමැතිය ද ඊට ලැබී තිබේ. මෙම ස්මාර්ට් නගරය ඉදිකිරීම සදහා චෙම්මනි ප‍්‍රදේශයේ ඉඩම් අක්කර 293ක් ලබාගැනීමට ද නියමිත බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉකුත් දා යාපනයට පැමිණි…

කබීර් හෂීම් ශ‍්‍රී ලන්කන්-මිහින් විමර්ශන ජනපති කොමිසමට

ශ‍්‍රී ලංකන් එයාර්ලයින්ස් හා මිහින් ගුවන් සමාගමේ මුල්‍ය අක‍්‍රමිකතා විමර්ශනයට පත්කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සදහා අමාත්‍ය කබීර් හෂීම් මහතා අද පැමිණ තිබේ. 2006 ජනවාරි 01 වැනිදා සිට 2018 ජනවාරි 31 වැනිදා දක්වා කාලසීමාව තුළ එම සමාගම්වල සිදුව ඇති බව කියන අක‍්‍රමිකතා සොයාබැලීම සදහා පත්කළ අදාළ ජනාධිපති කොමිසම 2018 පෙබරවාරි 18 වැනිදා…

ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය අද විවෘත වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් කෞතුකාගාරයක් ඉදිකර තිබේ. කොළඹ මේට්ලන්ඩ් මාවතේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන කාර්යාලයේ මෙම කෞතුකාගාරය ඉදිකර ඇත. එය අද (20දා) විවෘත කිරිමට නියමිතය තිබේ. මේ අතර ශ්‍රී ලංකා දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් වෙත කොන්ත්‍රාත් පිරිනැමීමද හෙට ක්‍රිඩා අමාත්‍යාංශයේදී සිදුකිරීමට නියමිතව තිබේ.

කිම් ජොන්ග් ගේ කාර්යය මණ්ඩල ප්‍රධානියා වියට්නාමයට

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන්ග්-උන් සමග ලබන සතියේ විට්නාමයේදී ඇරඹෙන දෙවැනි හමුවට පෙරාතුව උතුරු කොරියානු නායකයාගේ කර්ය මණ්ඩල ප්‍රධානියා වියට්නාමයට පැමිණ තිබේ. වියට්නාමයේ හැනෝයි අගනුවරට පැමිණි කිම් චැන්ග්-සොන් රාජ්‍ය නායක හමුව සිදුවන ස්ථාන සම්බන්ධයෙන් මූලික පරීක්ෂාවන් සිදුකරනු ඇත. දෙරටේ එකඟත්වය මත පෙබරවාරි 27-28 කිම් ජොන්ග්-උන් සහ ට්‍රම්ප් අතර දෙවැනි හමුව සිදුවනු ඇත. ඔවුන්ගේ පළමු වැනි හමුව පසුගිය…

ශ‍්‍රීලනිපයට ප‍්‍රබල තනතුරක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල අලුත් සහ ප්‍රබල තනතුරක් ඇතිකිරීමට එහි මධ්‍යම කාරක සභාව සැලසුම් කරමින් සිටී. මෙම නව තනතුර සඳහා පක්ෂයේ සියලු සන්නිවේදන කටයුතු භාර කිරීමටද මධ්‍යම කාරා සභාව මේ වනවිට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී. මෙම තනතුර සඳහා සබරගමුව පළාතේ ප්‍රධාන පෙලේ ශ්‍රීලනිප සාමාජිකයකු පත්කිරීමටද යෝජනාවී ඇත. පැතුම්…