නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

IIHS සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන්ට වෘත්තීය ගමන් මඟ තෝරා ගැනීමට දොර විවර කරයි

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දකුණු ආසියාවේ ප්‍රමුඛතම සෙෳඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS) සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසු සිසුවියන්ට එම පරිශ්‍රය වෙත පැමිණ ඔවුන් පිරිනමන අධ්‍යාපන වැඩසටහන් පිළිබඳව අවබෝධයක් ලැබීමට අවස්ථාව සළසයි. IIHS ආයතනය හෙද සේවය, භෞතචිකිත්සාව, ජෛව වෛද්‍ය විද්‍යාව, පරිපූරක වෛද්‍ය විද්‍යාව, මනෝ විද්‍යාව, පෝෂණ හා ආහාර විද්‍යාව, සෞඛ්‍ය සේවා කළමනාකරණය, ඩිජිටල් සෞඛ්‍යය සහ විකිරණවේදය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකට අදාළ උපාධි පාඨමාලා හඳුන්වා දී ඇත. ඔවුන් හා සම්බන්ධ වන සිසු සිසුවියන්ට නවීන පහසුකම් සමඟ ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත ආචාර්ය මණ්ඩලයක් යටතේ වර්තමාන ලෝකයට ගැළපෙන අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව ලැබේ.

අධ්‍යාපන වැඩසටහන් පිළිබඳ තොරතුරු ගැනීමට සහ නවීන තාක්ෂණය යොදා ගෙන පැවැත්වෙන වැඩමුළු හා වෙනත් වැඩසටහන්වලට සහභාගී වීමට සිසු සිසුවියන්ට අවස්ථාව සළසා ඇත. ඒ තුළින් ඔවුන්ට වෘත්තීය අරමුණු කරා යාමට උපකාර වන පාඨමාලා තෝරා ගැනීමට අවස්ථාව ලැබේ. IIHS පිරිනමන දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ඉහළ ප්‍රමිති සහිත අධ්‍යාපන සුදුසුකම්වලට මෙරට මෙන්ම පිටරටද රැකියාවලට යොමු වීමේදී ප්‍රමුඛතාව හිමි වේ. ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, මැලේසියාව, ෆින්ලන්තය සහ එක්සත් රාජධානිය වැනි රටවල් රැසක ප්‍රමුඛ විශ්ව විද්‍යාල සමඟ IIHS ඇති කර ගෙන ඇති සහයෝගිතා ඊට පිටිවහලක් වේ. සහතික පත්‍ර පාඨමාලාවල සිට ආචාර්ය උපාධි දක්වා අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට IIHS පහසුකම් සළසයි. ඉහළ සුදුසුකම් සහ අත්දැකීම්වලින් හෙබි වෘත්තිකයන් සමඟ කතාබහක යෙදීමටද මෙහිදී සිසු සිසුවියන්ට අවස්ථාව ලැබේ. “සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියට යමින් දීප්තිමත් අනාගතයක් උදා කර ගැනීමට ඔබට ලැබෙන මේ අවස්ථාව මඟ හරින්න එපා. ප්‍රමාද නොවී අප ආයතනය වෙත පැමිණෙන ඔබට පුළුවන් මෙහි අධ්‍යාපන පාඨමාලා හදාරන්න සුදුසුකම් ලබන කිහිප දෙනාගෙන් අයෙක් වෙන්න.” IIHS ප්‍රධාන විධායක නිලධාරී විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා පැවසීය.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)