නවතම පුවත්

IPL ඉතිහාසයේ ප්‍රථම වරට ඇමරිකානු ක්‍රීඩකයෙක් තරග බිමේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඇමරිකා එක්සත් ජනපදය නියෝජනය කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන පළමු ක්‍රීඩකයා බවට 29 හැවිරිදි අලී ඛාන් පත්ව සිටී. උරහිසේ ආබාධයක් හේතුවෙන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් ඉවත්වූ එංගලන්ත ක්‍රීඩක හැරී ගර්නි වෙනුවට ආදේශක ක්‍රීඩකයා ලෙස අලී ඛාන් ගිවිසුම් අත්සන් කර ඇති බව කොල්කටා නයිට් රයිඩර්ස් පිල පසුගියදා තහවුරු කළේය.

අලී ඛාන් පසුගියදා අවසන්වූ කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේදී තරග 12 කින් අපරාජිතව සිටි ටි්‍රන්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කළේය.  එම තරගාවලියේදී කඩුලු 8 ක් දවාගත් ඔහු ඕවරයකට ලකුණු ලබාදීමේ සාමාන්‍යය 7.43 ක් ලෙස පවත්වා ගනිමින් කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ වේගපන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටගැනීමට සමත් වූ අලී ඛාන් ටි්‍රන්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමට ශූරතාව දිනාගැනීමට මහත් මෙහෙයක් කළේය.

2018 වසරේදී එවකට ටි්‍රන්බාගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායක ඞ්වේන් බ්‍රාවෝ කැනඩාවේ පැවැති ග්ලෝබල් විස්සයි20 තරගාවලියේදී අලී ඛාන්ව දැක තිබේ. එයින් පසුව ඔහුගේ ක්‍රිකට් ජිවීතය වෙනස් වීමට පටන් ගත්තේය. එම වසරේදී පළමු වරට කැරිබියන් ප්‍රීමියර් ලීග් තරගාවලියට ක්‍රීඩාකළ අලී ඛාන් තරග 12 කදී කඩුලු 16 ක් දවාගනිමින් සී.පී.එල්. තරගාවලියේ වේග පන්දු යවන්නන් අතර දෙවැනි හොඳම පන්දු යවන්නා බවට පත්විය.

පාකිස්තානයේදී උපත ලබා ඇති අලි ඛාන් එක්දින ජාත්‍යන්තර තරගයකට සහ විස්සයි20 ජාත්‍යන්තර තරග 36 කට ක්‍රීඩාකර තිබේ. අලී ඛාන් බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් සහ පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ද සහභාගී වී තිබේ.

 

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී