නවතම පුවත්

ගාලුමුවදොර අරගල භූමියට පොලිස් කණ්ඩායමක් ඇවිත් කළ දේ..

අසංක

අසංක

ගාලු මුවදොර පිටිය ඒ ආශ්‍රිත ප්‍රදේශයේ රැදී සිටින අරගලකරුවන්ට අද පොලීසිය විසින් විශේෂ නිවේදනයක් කර තිබබේ.

ඒ ලබන 5 වැනි දා පස්වරු 5ට පෙර එම ස්ථානවලින් ඉවත් වන ලෙසත් එසේ නොවුණහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් දන්වමිනි.

“ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශවල නීතියට පටහැනිව රැඳී සිටින සියළුම පුද්ගලයන්‌ වෙත ශ්‍රී ලංකා පොලිසිය මගින්‌ කරන දැනුම්දීමයි.

ඔබ රැඳී සිටින ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ රජයට හා / හෝ නාගරික සංවර්ධන අධිකාරියට අයත්‌ භූමි කොටසේ අනවසරයෙන්‌ කරන ලද ඉඳිකිරීම්‌ භා භෝග වගා කිරීම්‌ වහාම ඉවත්‌ කරගන්නා ලෙසද, මහජනයාගේ අද්‍රව්‍යමය අයිතිවාසිකම්‌ අහිමි කිරීම වහාම නවතාලන ලෙසද මෙයින්‌ දැනුම්දෙනු ලැබේ.

මෙලෙස කටයුතු කිරීමට 2022.08.05 වචන දින සවස 0500ට පෙර අනිචාර්යයෙන්‌ පියවරගත යුතු බවද දන්වා සිටිමි.

රටේ පවතින නීතියට අනුකූලව භා මහජනයාට පිඩාකාරී නොවන ආකාරයෙන්‌ කටයුතු කල යුතු බවද වැඩිදුරටත්‌ අවධාරණය කරමි.

ඉහත සඳහන්‌ උපදෙස්‌ අනුව කටයුතු නොකරන අයවලුන්‌ සම්බන්ධයෙන්‌ නීත්‍යානුකූල පියවර ගනු ලබන බව මෙයින්‌ දන්වා සිටිමි.

ස්ථානාධිපති
පොලිස්ථානය,
කොටුව.”

ස්ථානාධිපති
‘පොලිස්ථානය,
කොටුව.

police - speed limit
පොලීසියේ වේගසීමා උපකරණ අක්‍රියයි
Capture
ඉන්දීය උමගේ සිරවී සිටි සියලු දෙනා බේරාගනී
image-41
විශිෂ්ටම හෝටල්සේවා සැපයුම්කරු සම්මානයෙන් Ranyan Industrires පිදුම්ලබයි !
sri-lanka-police-tear-gas
පොලීසිවල කල් ඉකුත් වූ කඳුළු ගෑස්
image-40
ශ්‍රී ලාංකික දුප්පතුන්ට අස්වැසිල්ලක් වූ බෞද්ධ මහාදානපති ආචාර්ය ක්වොක් සි‍යු මින්ග් මැතිතුමා
image-39
සණස සමිති 1250ක් සංවර්ධනය හරහා ගම්මාන 5000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ තුන් අවුරුදු සැළැස්ම එළිදක්වයි
image-38
රොෂාන් රණසිංහ ඇමතිධූරවලින් ඉවත්කෙරේ !
image-37
කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානයෙන් අමිල ගෝල්ඩ් හවුස් පිදුම් ලබයි!
වැට් නොවදින තෙල්
interest-rate-decrease
පොලී අනුපාත පහළට