විශේෂාංග


Share now!

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

වියට්නාමය මීට වසර 30කට පමණ පෙර ලෝකයේ දිළිදුම රටවල් අතරින් එකක් විය. නමුත් දැන් එහි ආර්ථික වර්ධන වේගය චීනය හා තරගකාරී මට්ටමකට පැමිණ තිබේ.

වියට්නාමය එසේ වූයේ කෙලෙසද?

වියට්නාමය තම ජනයාගේ යටිතල පහසුකම් වෙනුවෙන් අතිවිශාල මුදලක් වාර්ෂිකව වෙන් කරයි. මිලියන 95ක් පමණ වන වියට්නාම ජනතාවගෙන් බාගයක්ම අවුරුදු 35ට අඩු පුද්ගලයන් ය. වියට්නාම රජය සිය ප්‍රාථමික අධ්‍යාපනය වෙනුවෙන් අතිවිශාල මුදලක් වෙන්කරයි. එරට අන්තර්ජාල ප්‍රවේශය ඉතා අඩු මිලකට ලබාදී ගෝලීයකරණයට ලක්කර තිබේ.

වියට්නාමයේ පිරිමි ජනගහනයෙන් 10%ක් පමණ ප්‍රතිශතයක් කාන්තාවන් රැකියාවල නිරත වේ. වියට්නාමය ගෝලීය නිදහස් ආර්ථිකය වැළදගත් රටකි. වියට්නාමය ASEAN හා සම්බන්ධ වූයේ 1995 සිටයි.

2000 වසරේදී අමෙරිකාව හා ගිවිසුම් ගණනාවකට ඔවුන් එළැඹ තිබිණ. 2007 දී ඔවුන් ලෝක වෙළෙද සංවිධානය හා සම්බන්ධ විය. එම සියලු ගිවිසුම් ආනයන අපනයනවලදී තීරුබදු සහන ලබාගත් අතර රටේ ආර්ථික වර්ධනයට එය අතිමහත් රුකුලක් විය.

වියට්නාමය දේශීය ආර්ථිකයකට නැඹුරු විය. ඉතා පහසුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කොට යහපත් ආකාරයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම එරට රජය විසින් සැකසීය. වියට්නාම ආර්ථිකයේ ප්‍රධානතම භූමිකාව ගෙනයනු ලබන්නේ රටේ නිෂ්පාදන යාන්ත්‍රණය විසිනි. ලොව පවතින ස්මාර්ට්ෆෝන් වර්ගවලින් 10න් 1ක් නිෂ්පාදනය කරනු ලබන්නේ වියට්නාමයේයි. ගිනිකොණදිග ආසියාවේ දැවැන්තම රෙදිපිළි අපනයනකරු වන්නේ ද වියට්නාමයයි.

1993 දී වියට්නාමයේ 58%ක්ම දරිද්‍රතාවයෙන් පෙළිණි. 2016 වනවිට එරට දුප්පතුන්ගේ ප්‍රමාණය 10%ක් දක්වා පහළ බැස තිබේ.

නමුත් වියට්නාමය අදටත් මුහුණදෙන අභියෝග පවතී. ප්‍රකාශනයේ නිදහස අතින් වියට්නාමය ලොව නරකම රටවල් අතර මුලින් වැජඹේ. වයස්ගත ජනගහනය සීඝ්‍රයෙන් වැඩිවීම වියට්නාමයට ඇති තවත් අභියෝගයකි.

මූලාශ්‍ර – වර්ල්ඩ් ඉකොනොමික් ෆෝරම් ඇසුරිනි